භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • භූමි සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • භූමි සැලැස්ම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

6-9 සිසුන්ගේ නිල ඇඳුම හා විනය සම්බන්ධයෙන් අවධානයට ලක්විය යුතු කරුණු

1. කමීසය

  • තනි මැස්මෙන් මැසිය යුතුය.
  • කමීසයේ ඉදිරිපස සාක්කුවේ පාසල් නිල ලාංඡනය මසා සවි කළ යුතුය.
  • කමීසයේ අත උරහිසේ සිට අඟල් 8 ක් වත් දිග (වැලමිටේ සිට අඟල් 4 ක් ඉහළට) වනසේ තිබිය යුතුය.
  • විනිවිද පෙනෙන බොත්තම් සවිකළ යුතුය.
  • කමීසයේ ඉහළ පළමු බොත්තම කොලරයේ සිට අඟල් 3ක් පහළින් සවි වී තිබිය යුතුය.
  • කමීසයේ පිටුපස මැදින් ඔපනැලි නොතැබිය යුතුය.
  • කමීසයේ බොත්තම් කාසි (සිදුරු) ඇති කොටස දෙපට මැසීම නොකළ යුතුය.
  • කමීසය ඇඟට හිරවනසේ නොමැසිය යුතුය.

2.කලිසම

  • කලිසම ද්විත්ව මැසීමෙන් නොවිය යුතුය.
  • කොට කලිසම ඉදිරිපස, දෙපස ඔපනැලි (ප්ලීට්) 02 බැගින් තිබිය යුතුය.
  • ඉදිරිපස සාක්කු හරස් කැපුමෙන් මසා තිබිය යුතුය.
  • කලිසම පිටුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
  • කලිසමේ වාටිය අඟල් 1½ ක් පළල විය යුතුය.
  • කලිසමේ ඉදිරිපස බොත්තම් නොයොදා සැකසිය යුතුය.

3.සුදු ගවුම

  • සුදු ගවුම දන හිසෙන් පහළට අඟල් 2 ක් විය යුතුය.
  • රැලි අඟල් 1½ ක් දක්ෂිණාවර්තව තැබිය යුතුය.
  • දකුණු අත පැත්තෙන් යටි සාක්කුවක් තිබිය යුතුය.
  • උරහිසේ සිට වැලිමිට තෙක් ඇති දිගෙන් භාගයක් වනසේ අත නැවිය යුතුය.
  • හැඩ අත් නොතැබිය යුතුය.
  • ඉන අතේ වැලිමිට මට්ටමට තැබිය යුතුය.
  • ඉන පටිය අඟල් 02 ක් විය යුතුය.
  • වම් අතේ පාසල් නිල ලාංඡනය පැළඳිය යුතුය.
  • සුදු ගවුම තුළින් විනිවිද පෙනෙන යට ඇඳුම් නො ඇඳිය යුතුය.

4.සපත්තු

  • පිරිමි ළමුන් පොලිෂ් කළ හැකි කළු සපත්තු පමණක් පැළදීය යුතුය.
  • පිරිමි ළමුන් කළු පැහැති මේස් පමණක් පැළඳිය යුතුය.
  • ගැහැණු ළමුන් සුදු සපත්තු පමණක් පැළඳිය යුතුය.
  • ගැහැණු ළමුන් සුදු පැහැති මේස් පමණක් පැළඳිය යුතුය.
  • සපත්තු භාවිත කළ නොහැකි අවස්ථාවලදී කළු රබර් සෙරෙප්පු පමණක් පැළඳිය යුතුය.

5.කොණ්ඩය

       1.පිරිමි ළමුන් 

  • කොණ්ඩය කොටට කපා තෙල් දමා පැත්තට පිරීම කළ යුතුය.
  • කණ අසල කොටු හැඩයට කණ මැදට වනසේ කපා තිබිය යුතුය.
  • ජෙල් වර්ග, ක්‍රීම් වර්ග නොගෑ යුතුය.
  • හිසකේ වර්ණ ගැන්වීම (ටින්ට්) නොකළ යුතුය.

      2.ගැහැණු ළමුන්

  • දෙපසට පීරා කන පිටුපසට වනසේ කරල් දෙකක් ලෙස අඟටම ගෙතිය යුතුය.
  • රැලි කටු දෙකක් පමණක් දෙපසට අවහ්‍ය නම් ගැසිය හැකිය. (කළු පාට)
  • කළු රිබන් පටි බැඳිය යුතුය.
  • අනවශ්‍ය ලෙස කොණ්ඩය හිස මුදුනේ සිට ගෙතීම නොකළ යුතුය.
  • කොණ්ඩය තද කොට ගෙතිය යුතු අතර ලිහිල් ලෙස ගෙතීම හා කෑලි සහිත කොණ්ඩය තෙල් යොදා අනවශ්‍ය ලෙස මුහුණට වැටීම වැළැක්විය යුතුය.
  • කොණ්ඩය කපා ඇත්නම් උරහිස මට්ටමට කැපිය යුතුය.

6.වෙනත්

  • නියපොතු කොටට කපා කිබිය යුතු අතර වර්ණ ආලේප නොකළ යුතුය.
  • ඇහිබැමි ගෑම, සැකසීම නොකළ යුතුය.
  • ඔරලෝසු පැළඳිම නොකළ යුතුය.
  • මාල, මුදු ආදී කිසිදු ආභරණයක් පැළඳීමට අවසර නොලැබේ.
  • ජංගම දුරකථන, කැමරා, CD තැටි, සීම්කාඩ්, පෙන්, මේමරිචීප්කාඩ් ආදීය ගෙන ඒම සපුරා තහනම් වේ.
  • තද වර්ණයෙන් යුතු ළමයින්ට නොගැලපෙන ලේන්සු භාවිතය නොකළ යුතුය.
  • සුවඳ විලවුන් (Cosmetics) භාවිත කිරීම නොකළ යුතුය.
  • පෙ.ව.7.20 ට පෙර පාසලට පැමිණිය යුතු අතර ප.ව.1.30 ට පෙර පාසලෙන් පිටතට යාමට අවසර නොලැබේ. (විශේෂ හේතුවක් හැර)
 
10-13 සිසුන්ගේ නිල ඇඳුම හා විනය සම්බන්ධයෙන් අවධානයට ලක්විය යුතු කරුණු

1. කමීසය

  • තනි මැස්මෙන් මැසිය යුතුය.
  • කමීසයේ ඉදිරිපස සාක්කුවේ පාසල් නිල ලාංඡනය මසා සවි කළ යුතුය.
  • කමීසයේ අත උරහිසේ සිට අඟල් 8 ක් වත් දිග (වැලමිටේ සිට අඟල් 4 ක් ඉහළට) වනසේ තිබිය යුතුය.
  • විනිවිද පෙනෙන බොත්තම් සවිකළ යුතුය.
  • කමීසයේ ඉහළ පළමු බොත්තම කොලරයේ සිට අඟල් 3ක් පහළින් සවි වී තිබිය යුතුය.
  • කමීසයේ පිටුපස මැදින් ඔපනැලි නොතැබිය යුතුය.
  • කමීසයේ බොත්තම් කාසි (සිදුරු) ඇති කොටස දෙපට මැසීම නොකළ යුතුය.
  • කමීසය ඇඟට හිරවනසේ නොමැසිය යුතුය.

2.කලිසම

  • කලිසම ද්විත්ව මැසීමෙන් නොවිය යුතුය.
  • දිගු කලිසම ඉදිරිපස, දෙපස ඔපනැලි (ප්ලීට්) 02 බැගින් තිබිය යුතුය.
  • ඉදිරිපස සාක්කු හරස් කැපුමෙන් මසා තිබිය යුතුය.
  • කලිසම පිටුපස එක් සාක්කුවක් පමණක් විය යුතුය.
  • කලිසම් කකුල් අපහසුවකින් තොරව දණහිසෙන් ඉහළට එසවිය හැකිවන සේ මසා තිබිය යුතුය.
  • කලිසමේ වාටිය අඟල් 1½ ක් පළල විය යුතුය.
  • කකුලේ වාටියේ වට ප්‍රමාණය (පෝල්ට්) අඟල් 16 ට වැඩිවිය යුතුය. (අවම ප්‍රමාණය අඟල් 16 වේ.)
  • කලිසම කකුලට හිර වනසේ නොමැසිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස බොත්තම් නොයොදා සැකසිය යුතුය.
  • ඉනපටිය ගාංචු රහිත විය යුතුය.

3.සුදු ගවුම

  • සුදු ගවුම දන හිසෙන් පහළට අඟල් 2 ක් විය යුතුය.
  • රැලි අඟල් 1½ ක් දක්ෂිණාවර්තව තැබිය යුතුය.
  • දකුණු අත පැත්තෙන් යටි සාක්කුවක් තිබිය යුතුය.
  • උරහිසේ සිට වැලිමිට තෙක් ඇති දිගෙන් භාගයක් වනසේ අත නැවිය යුතුය.
  • හැඩ අත් නොතැබිය යුතුය.
  • ඉන අතේ වැලිමිට මට්ටමට තැබිය යුතුය.
  • ඉන පටිය අඟල් 02 ක් විය යුතුය.
  • වම් අතේ පාසල් නිල ලාංඡනය පැළඳිය යුතුය.
  • සුදු ගවුම තුළින් විනිවිද පෙනෙන යට ඇඳුම් නො ඇඳිය යුතුය.

4.සපත්තු

  • පිරිමි ළමුන් පොලිෂ් කළ හැකි කළු සපත්තු පමණක් පැළදීය යුතුය.
  • පිරිමි ළමුන් කළු පැහැති මේස් පමණක් පැළඳිය යුතුය.
  • ගැහැණු ළමුන් සුදු සපත්තු පමණක් පැළඳිය යුතුය.
  • ගැහැණු ළමුන් සුදු පැහැති මේස් පමණක් පැළඳිය යුතුය.
  • සපත්තු භාවිත කළ නොහැකි අවස්ථාවලදී කළු රබර් සෙරෙප්පු පමණක් පැළඳිය යුතුය.

5.කොණ්ඩය

       1.පිරිමි ළමුන් 

  • කොණ්ඩය කොටට කපා තෙල් දමා පැත්තට පිරීම කළ යුතුය.
  • කණ අසල කොටු හැඩයට කණ මැදට වනසේ කපා තිබිය යුතුය.
  • ජෙල් වර්ග, ක්‍රීම් වර්ග නොගෑ යුතුය.
  • හිසකේ වර්ණ ගැන්වීම (ටින්ට්) නොකළ යුතුය.

      2.ගැහැණු ළමුන්

  • දෙපසට පීරා කන පිටුපසට වනසේ කරල් දෙකක් ලෙස අඟටම ගෙතිය යුතුය.
  • රැලි කටු දෙකක් පමණක් දෙපසට අවහ්‍ය නම් ගැසිය හැකිය. (කළු පාට)
  • කළු රිබන් පටි බැඳිය යුතුය.
  • අනවශ්‍ය ලෙස කොණ්ඩය හිස මුදුනේ සිට ගෙතීම නොකළ යුතුය.
  • කොණ්ඩය තද කොට ගෙතිය යුතු අතර ලිහිල් ලෙස ගෙතීම හා කෑලි සහිත කොණ්ඩය තෙල් යොදා අනවශ්‍ය ලෙස මුහුණට වැටීම වැළැක්විය යුතුය.
  • කොණ්ඩය කපා ඇත්නම් උරහිස මට්ටමට කැපිය යුතුය.

6.වෙනත්

  • නියපොතු කොටට කපා කිබිය යුතු අතර වර්ණ ආලේප නොකළ යුතුය.
  • ඇහිබැමි ගෑම, සැකසීම නොකළ යුතුය.
  • ඔරලෝසු පැළඳිම නොකළ යුතුය.
  • මාල, මුදු ආදී කිසිදු ආභරණයක් පැළඳීමට අවසර නොලැබේ.
  • ජංගම දුරකථන, කැමරා, CD තැටි, සීම්කාඩ්, පෙන්, මේමරිචීප්කාඩ් ආදීය ගෙන ඒම සපුරා තහනම් වේ.
  • තද වර්ණයෙන් යුතු ළමයින්ට නොගැලපෙන ලේන්සු භාවිතය නොකළ යුතුය.
  • සුවඳ විලවුන් (Cosmetics) භාවිත කිරීම නොකළ යුතුය.
  • පෙ.ව.7.20 ට පෙර පාසලට පැමිණිය යුතු අතර ප.ව.1.30 ට පෙර පාසලෙන් පිටතට යාමට අවසර නොලැබේ. (විශේෂ හේතුවක් හැර)
LUNUGALA M.M.V

ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • බ/ලුණුගල මධ්‍ය මහා විද්‍යාලය, පල්ලෙපංගුව පාර, ලුණුගල.

: (+94)552051067

: [email protected]

Supported By

© 2026 LUNUGALA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk